ධීර වීර හෙළ දරුවන් බිහිකළ
වීරපුරේ විදුහල් මෑණී
සදා දිනේ මේ හෙළ දෙරණේ
විදු එළියෙන් බැබළී
සැරදේ වොරැදේ සැමදා සද සේ
සුන්දර වීරපුරේ...//
දහමට ළැදි ගුණ ගරුක බවින් පිරි
දරුවන් සැදු මාතා
රටට දැයට වැඩ දායක වන ලෙස
අප සරසන මාතා
එකමුතුකම මිනි මුතු සේ සලකා
සුමගට අප යොමු කළ මාතා
දොහොත් නගා ඔබෙ ගුණ කද සමරමු
මෙසෙ ගයා ගීතා
ධීර වීර හෙළ...
විදුනැණ රැජිණිය කිරුළ ඔබයි
එහි මිණි මුතු කැළ ළදරු අපයි
ජීවිතයේ තෝතැන්න ඔබයි
අනාගතේ මිණි පහන ඔබයි
ධීර වීර හෙළ ....
සුන්දර වීරපුරේ .....////