පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් පෝෂණය වන බී.ඕ.පී.314 නම් ගොවි ජනපදයේ හෙවත් වීරපුර ගමේ දරුවන්ට අධ්‍යයාපනය ලැබීම සදහා පාසලක් නොතිබුණි.ඔවුන්ගෙන් පිරිසක් දෙමල හා සිංහල මාධ්‍යයන් දෙකෙන්ම අධ්‍යාපනය ලබාදුන් පො/තබාල මුස්ලිම් විද්යාලයටත් තවත් පිරිසක් පො/ලංකාපුර විද්යාලයටත් ශිල්ප හැදෑරීම සදහා ගියහ.
මේ ළමුන්ගේ අනාගතය පිළිබඳව කාරුනික අවධානය යොමු කළ වීරපුර බෝධිරුක්කාරාමයේ එවකට විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් වැඩ සිටි සරණතිස්ස හිමි හා පන්සලේ ලැගුම් ගෙන සිටි එල්.එම්.ජයසුන්දර මහතා 1958 වර්ශයේ පන්සලේ ධර්ම ශාලාවේ පන්තියක් පටන් ගන්නා ලදි.කටු මැටි ගැසූ පොල් අතු මඩුවක් වූ මෙහි ප්‍රථමයෙන් ම එක ශ්‍රේණිය ආරම්භ කල අතර විවිධ වයස් මට්ටමින් ලමුන් 15ක් පමණ එහි අධ්‍යාපනය ලැබූහ.පන්තිය පටම්න් ගැනීමට මුල් වූ එල්.එම්. ජයසුන්දර මහතා විදුහල්පති ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කොට ඇති අතර විහාරාදීපති ස්වාමීන් වහන්සේගෙන්ද ඉගැන්වීම්වලට පූර්ණ සහයෝගය ලැබී ඇත.
1959 වර්ශයේ පංති දෙකක් ආරම්භ කොට ඇත.ඒ සදහා ගුරු භවතෙකු අවශ්‍ය වී ඇති නමුත් නිසි අධයාපන සුදුසුකම් ලත් අය ගමේ නොසිට ඇති බැවින් ස්වේච්ඡාවෙන් ඉගැන්වීමට කැමති අවශ්‍ය අධයාපන සුදුසුකම් ලත් සුදර්මා මහත්මිය කෑගල්ල ප්‍රදේශයේ සිට පැමිණ ඉගැන්වීම් කටයුතුවල නිරත වී ඇත.
එසේ 1960 වනවිට පංති සංඛ්‍යාව 5ක් දක්වා වැඩි වූ අතර පෙර සදහන් කළ වෙනත් පාසල් වලට ගිය ළමුන් පිරිසක්ද මෙම පාසලට පැමිනි බැවින් සිසු සිසුවියන් පිරිස 60 දක්වා වැඩි විය.මේ අනුව ස්වේච්ඡාවෙන් පැමිණි ගුරු සංඛ්‍යාව 4ක් දක්වා වැඩි විය.
මේ ආකාරයට 1964 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 90ක් පමණ අතර පන්ති සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගියේය.විහාරාධිපති හිමියන් හා එල්.එම්.ජයසුන්දර මහතා විසින් වරින් වර මෙම පාසල රජයට භාර දීම සදහා දැඩි උත්සාහයක් හා වෙහෙසක් දරා ඇත.ඒ අනුව 1962.10.01 දින පාසල රජයට පවරා ගෙන එහි සේවය කළ අධයාපන සුදුසුකම් ලත් සියලු ගුරුවරු ස්තීර කොට ඇත.එසේම මෙහි ස්වේච්ඡාවෙන් පාසල භාරව සේවය කළ ගොඩගේ මහතා වැඩ බලන විදුහල්පති ලෙස පත් කොට ඇත.ඒ පත්වීම කර ඇත්තේද 1962 වසරේදීය.පසුව 1962 දී ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු නම් විදුහල්පතිවරයෙකු පාසලට පත් කොට ඇති අතර ඔහුගේ දැඩි උත්සාහය මත පන්සල් වත්තෙන් කොටසක් පාසල් භූමිය ලෙස ලබා ගැනීමටත් 1966දී එම භූමියේ අඩි 1200 ස්තීර ගොඩනැගිල්ලක් ඉදිකරවා ගැනීමටත් හැකියාව ලබා ගෙන ඇත.1974 පමණ වනවිට ළමුන් 142ක් පමණ අධ්‍යයාපනය ලබා ඇති අතර පාසලට තවත් ස්තීර ගොඅඩනැගිල්ලක් ලැබී ඇත.තවද 1984.02.15 සිට 1991.01.02 අතර කාලය තුල්ලදී මෙම පාසලට තවත් අඩි 1200 ගොඩනැගිල්ලක් ලැබී ඇත.එමෙන්ම 1992 දී අඩි 600 බහුකාර්ය ගොඩනැගිල්ලක්ද 2002දී අඩි 400 ගොඩනැගිල්ලක් ඉදි කර එහි අන්ගසම්පූර්න පුස්තකාලයක් ස්තාපිත කොට ඇත.මේවනවිට ශිශ්ය සංඛ්‍යාව 206 දක්වා වර්දනය වී ඇති අතර ගුරුමන්ඩලය 14ක් දක්වා වැඩි වී ඇත.
පාසල් සන්වර්දන සමිතියේ සාමාජික එච්. නන්දසේන මහතා විසින් එතුමාගේ පෞද්ගලික දන පරිත්යාගයෙන් පාසලට අලන්කාර බුදුමැදුරක් 2004 වර්ශයේදී ඉදිකර ඇත.පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සදහා ළමා උයනක් සකස් කිරිමත් අඩි 400ක ගොඩනැගිල්ලක් ඉදිකර පරිගනක කාමරයක් ඇති කිරීමත් මේ වසරේදී සිදු වී ඇත.පොලොන්නරුව දික්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මැතිතුමා විසින් එක් පරිගනක යන්ත්‍රයක් ලබා දී ඇත්තේද 2004 වසරේය. 2007 වසරේදි 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විබාගයෙන් 5 දෙනෙකු සමත් වී ප්‍රතිශතය 25% ක් වීම සහ 2008 වසරේදී අ.පො.ස.සා.පෙල විබාගයට ඉදිරිපත් වූ සිසුන්ගෙන් 65%ක් සමත් වීම පාසල තැබූ කැපී පෙනෙන ජයග්‍රහනයකි.
2019 වර්ස්ගය වනවිට ගුරුමන්ඩලය 19 දෙනෙකුගෙන් සමන්විත විය.පාසල විශාල ජයග්‍රහන ලබා අ.පො.ස.සාමාන්‍ය පෙල විබාගයෙන් සිසුන් 18 දෙනෙක් 90% ප්‍රතිශතයක් ලබා ගනිමින් විබාගය සමත් වූ අතර ශිශ්‍යත්ව විබාගයෙන් එක් සිසුවෙකු 5.5% ක ප්‍රතිශතරක් ලබා ගනිමින් සමත් විය.