මේ ළමුන්ගේ අනාගතය පිළිබඳව කාරුනික අවධානය යොමු කළ වීරපුර බෝධිරුක්කාරාමයේ එවකට විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් වැඩ සිටි සරණතිස්ස හිමි හා පන්සලේ ලැගුම් ගෙන සිටි එල්.එම්. ජයසුන්දර මහතා 1958 වර්ශයේ පන්සලේ ධර්ම ශාලාවේ පන්තියක් පටන් ගන්නා ලදි.කටු මැටි ගැසූ පොල් අතු මඩුවක් වූ මෙහි ප්‍රථමයෙන් ම එක ශ්‍රේණිය ආරම්භ කල අතර විවිධ වයස් මට්ටමින් ලමුන් 15ක් පමණ එහි අධ්‍යාපනය ලැබූහ.පන්තිය පටම්න් ගැනීමට මුල් වූ එල්.එම්. ජයසුන්දර මහතා විදුහල්පති ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කොට ඇති අතර විහාරාදීපති ස්වාමීන් වහන්සේගෙන්ද ඉගැන්වීම්වලට පූර්ණ සහයෝගය ලැබී ඇත.